top of page

බක්මහ උළෙල 2018


ree

අබුඩාබි සිකුරාදා පාසලේ සූර්ය මංගලයය සහ බක්මහ උළෙල 2018 බක් මස (අප්‍රේල්) 06 වන සිකුරාදා දින අබුඩාබි තානාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ ද, දෙමව්පියන් සහ දරුවන්ගේ ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. හෙළ සංස්කෘතිය පිළිබිඹු වන අයුරින් අපේ පැරණි සිංහල සිරිත් විරිත් දරු දැරියන්ට ප්‍රායෝගිකව විදහා දැක්වීම සඳහා විශේෂයෙන් කුඩා ගම්මානයක් නිර්මාණය කරන ලද අතර, එය ආරච්චි නිවස, වෙද නිවස සහ ගැමි නිවස යන අංග තුනකින් සමන්විත විය.

ලිප ගිනි මෙලවීමෙන් ආරම්භ කරන ලද අවුරුදු උත්සවය සිංහල අවුරුදු සිරිත් විරිත් පිළිපදිමින් ඒවාහි වැදගත්කම දරුවන්හට දහම් පාසලේ ගුරු භවතුන් විසින් කියාදෙමින් පැවැත්වුන අතර, කෑම වර්ග 50කට අධික කෑම වර්ග වලින් සමන්විත් වූ රසවත් අවුරුදු කෑම මේසයකින් උත්සවය වඩා අලංකාරවත් විය.


2018  වර්ෂයට නියමිත අයුරින් සාදන ලද හිසතෙල් සහ අදාළ අනෙකුත් සියලු කළමනා ඇතිව හිසතෙල් ගෑමේ මහෝත්සවය ද මෙහිදී ඉටු කරන ලද අතර, අවුරුදු උත්සවය කිරි කැවීම, කණා මුට්ටිය බිඳීම, දාදු ඇදීම, බැලුම් පිපිරවීම ආදී ජන ක්‍රීඩා රාශියකින්ද අලංකාර විය. ක්‍රීඩා සඳහා දරු දැරියන්, දෙමව්පියන් සහ ගුරු මණ්ඩලය ඇතුළු බොහෝ දෙනා සහභාගී වූ අතර, අවුරුදු උත්සවය ත්‍යාග ප්‍රධානොත්සවයෙන් අවසන් විය.

 
 
 

Comments


සිකුරාදා පාසල

Abu Dhabi Friday School is the first dhamma school registered in Government of Sri Lanka as a overseas entity. 

All the Government examinations are conducted at the school under the strict supervision of

Sri Lankan Embassy in abu Dhabi, UAE

Email: abudhabisikuradapasala@gmail.com

Address : The Embassy of Sri Lanka in UAE,
P.O. Box 45634, Abu Dhabi, UAE

© All right reserved | Abu Dhabi Dahampasala   |  Terms of Use  |   Privacy Policy

bottom of page